Thursday, November 25, 2010

"TIM".. මේක Dos ගේමේ එකක්...෴

  

      කැමතිද Dos ගේම්ස් වලට..? මේ කියන්න යන්නෙ හද්දා පරණ Dos ගේම් එකක් ගැන. පරණ උනාට  නියම ගේම් එක. එකෝමත් එක කාලෙක play කරල, ඉවර කරගන්න බැරුව අතහැරලා දාල තිබුනේ. ලඟදි හාර්ඩ් ඩිස්ක් එ‍කේ අස්සක තිබිල තමයි හොයාගත්තේ. ෆෝල්ඩරය ඇරලා එහෙම ගේම් එක run කරාම මෙන්න බඩු වැඩ.


     මේකෙ නම The Incredible Machine. කෙටියෙන් කියවනම් TIM. සමහර අය දන්නවත් ඇති. එත් දන්නෙ නැති අයට පොඩි විස්තරයක් දාන්නම්....




    මේක ටිකක් මොලේ වෙහෙසන්න ඕන ගේම් එකක්. ඒකියන්නේ puzzle එකක් විසඳන්න තමයි තියෙන්නෙ.


                   මෙතනින් ඩවුන්ලෝඩ් කරගන්න      
  
  
     මුලින්ම Folder එක ඇතුලෙ තියෙන TIM.EXE එක run කරන්න. ඉන් පසුව එන Window එකේ control panel යටතේ ඇති select puzzle තෝරන්න. එමගින් ඕනෑම puzzle එකක් තෝරාගෙන දකුණුපස  ඇති ඊතලය ක්ලික් කරන්න. ඉන්පසු (පහත රූපයේ ආකාරයට) දකුණුපස පහලින්,  puzzle එක විසඳිය යුතු ආකාරය දැක්වේ. දැන් මැද ඇති විශාල රූපය double click කිරීමෙන් ක්‍රීඩාව ඇරඹිය හැක.

 


  
    දැන් ඉතින් game එක විසින් ලබාදෙන ගැජෙට් ටික උපයෝගී කරගෙන puzzle එක විසඳන්න තමයි තියෙන්නෙ. වැඩේ හරිද බලන්න ඉහල දකුණු කෙලවරේ තියෙන (පහල රූපයේ) button එක ඔබන්න. වැඩේ හරිනම් ඊලඟ puzzle එකට යන්න පුළුවන්.





  
           play කරල ඔක්කොම puzzle විසඳන්න පුලුවන්ද කියල බලන්න.

                        
                

1 comment:

  1. මමත් ඉස්සර ඔය ඩොස් ගේම් වලට හෙනම ආසයි ආයේ ඉතින් VGA, RAM ඕවා ප්‍රශ්නයක් නැති හන්දා ඕන මැශින් එකක Play කරන්න පුලුවන් නේ

    ReplyDelete