Tuesday, November 16, 2010

මොකක්ද මේ..Cyber-shot.. කියන්නෙ...෴

    

      අද මම ලියන්නෙ Cyber-shot ගැන. අහල, දැකල ඇතිනෙ Cyber-shot කියල වචනයක්. මේක SONY සමාගමේ  Brand name එකක්. යොදාගන්නෙ Sony කැමරාවල සහ Sony Ericsson ජංගම දුරකථනවල තමයි.
       
      මම දන්න විදියට ගොඩක් අය හිතන් ඉන්නෙ, වේගයෙන් චලනයවෙන දෙයක් පැහැදිලිව රූපයට නැගීම, කව්රුත් දන්න උදාහරණය නම් වේගයෙන් කැරකෙන ෆෑන් එකක පෙති නැවතී ඇති ලෙස පෙනෙන ලෙස රූපයට නැගීම තමයි Cyber-shot කියන්නෙ කියල. එත් Cyber-shot කියන්නෙ එකම විතරක් නෙවෙයි.



      ගොඩක් අයට මේ ප්‍රශ්නෙ එන්නෙ සමහර Sony Ericsson ජංගම දුරකථන(K800,K850,K770,C902......) ගත්තම තමයි. ඒවයේ Cyber-shot කියල ගහල තියෙන නිසා කැරකෙන ෆෑන් වල ෆොටෝ ගහල එකෙ පෙති පේන්නෙ නැතිඋනාම ඒක ගත්ත කඩේට දුවගෙන එනව මේකෙ Cyber-shot වැඩ කරන්නෙ නෑ කියල. (මම ජංගම දුරකථන හා සම්බන්ද වෘත්තියක යෙදී සිටින නිසා තමයි ඔය හුටපට දන්නෙ.....)
    
      ඉතින් මම මේ හදන්නෙ මට තේරෙන විදියට....(Google ගේ පිහිටෙන්) Cyber-shot ගැන පොඩි පැහැදිලි කිරීමක් කරන්න.


     හොඳයි දැන් අපි බලමු කැමරා වල හා දුරකථන වල Cyber-shot කියල කොටන්න හේතුවන කරුණු ටික.





Enhanced Face Detection


       මෙම විශේෂාංගය මගින්, කැමරාවේ රූප රාමුවට හසුවන මිනිස් මුහුණු හඳුනාගෙන ඒවා පැහැදිලිව රුපයට නැගීමට හැකිවේ.



Smile Shutter


    මෙමගින් සිදුකෙරෙනුයේ රූප රාමුවේ සිටින කෙනෙක් සිනහවනවිට කැමරාව ස්වයංක්‍රීයව ක්‍රියාත්මකවී රූපයට නැගීමයි.



Optical Steady Shot


      කෙනෙක් ඡායාරූපයක් ගන්නාවිට කැමරාව ගැස්සිමක් සිදුවුවහොත් එම ඡායාරූපය අපැහැදිලිවේ.නමුත් optical steady shot පහසුකම මගින් මෙම අපැහැදිලිකම් මගහැරීම සිදුකරයි.



Intelligent Scene Recognition

    අඩ අඳුරෙහි,ඡායාරූපයට ගන්නා වස්තුවට පිටුපසින් හිරුඑළිය ලැබෙනාවිට ගන්නා රූපය අඳුරු වෙයි.තවද අඳුරු කාලයේදී චලනය වන වස්තුන් අපහදිලිවෙයි, මේවා මගහැර අන්දුරේදී වුවද පැහැදිලි ඡායාරූපයක් ගැනීමේ හැකියාව මෙනගින් ලබාදේ.


Carl Zeiss Lens


    තත්වයෙන් ඉතා උසස් lens වර්ගයක් වන carl zeiss lens භාවිතාකර ඉතා උසස් තත්වයේ ඡායාරූප ගැනීමට හැකිවීම.



Photo TV HD


    
High Definition TV වලට සම්බන්දකොට බැලීමට හැකි පරිදි අදාල වර්ණයන් හා ප්‍රමාණයන් වලින් රූපයට ගැනීමේ හැකියාව.




Picture Motion Browser


    කැමරාවෙන් ලබාගන්නා ඡායාරූප කළමනාකරණය කළහැකි මෘදුකන්ගකි.

              තවද Sony Ericsson දුරකථන වල Photo DJ, Photo FIX වැනි කුඩා මෘදුකාංගද ඇතුලත් වේ.

           ඉතින් ඉහත විශේෂාංග එකක් හෝ අඩංගු නම්, Sony කැමරාව හෝ Sony Ericsson දුරකථනය Cyber-shot යන නාමයත් සමග වෙළඳපොලට නිකුත්කරයි. එනිසා Cyber-shot නම දක්කගමන් මුලදී කිව්ව වගේ වැරදි නිගමන වලට එන්න එපා..............

       එහෙනම් අද ලිපිය මෙතනින් ඉවරයි. මේක ලිව්වේ මම දැනුමේ හැටියට. මොකක් හරි වැරද්දක් තියෙනවනම් comment එකකින් පෙන්වලදෙන්න. ස්තුතියි....෴



5 comments:

  1. thanks.. good post..

    ReplyDelete
  2. නියම පැහැදිලි කිරීමක් :)

    ReplyDelete
  3. මේ වගේ අපි නොදන්න දෙයක් ගැන කියල දුන්නට තෑන්ක්ස්

    ReplyDelete
  4. ගොඩක් වටින කියන තොරතුරු ටිකක් දැන ගත්තා. ගොඩක් ස්තුතියි !!!! බ්ලොග් කරනයට අලුත් කෙනෙක් කියලා කිවුවනේ. එහෙනම් දිගටම බ්ලොග් ලියන්න. මගෙන් සුබ පැතුම් !!!!

    ReplyDelete
  5. kaniya,Gaminda,මධුරංග .. comment වලට ස්තූතියි...

    ReplyDelete