Monday, December 20, 2010

Delete උන Photos නැවත ලබාගන්න ඕනද?..෴

     ගොඩක් දවසකින් පොස්ට් එකක් දාන්නේ. අපිටත් ඉතින් හරියට වැඩනේ.... අද පොඩි Software කෑල්ලක් ගැන ලියන්න හිතුව. පොඩිඋනාට මෙයා නියම වැඩකාරයා.

     දන්නවා ඇතිනේ  Data Recovery Software ගැන. ඒ කියන්නේ ඔය Hard Disk, Pen drive, Memory Card වල මැකීගිය  දත්ත යලි ලබාගත හැකි මෘදුකාංග. හැබැයි මම දැන් දෙන මෘදුකාංගයෙන් ලබගතහැක්කේ ඡායාරූප හා වීඩියෝ විතරයි.

Thursday, November 25, 2010

"TIM".. මේක Dos ගේමේ එකක්...෴

  

      කැමතිද Dos ගේම්ස් වලට..? මේ කියන්න යන්නෙ හද්දා පරණ Dos ගේම් එකක් ගැන. පරණ උනාට  නියම ගේම් එක. එකෝමත් එක කාලෙක play කරල, ඉවර කරගන්න බැරුව අතහැරලා දාල තිබුනේ. ලඟදි හාර්ඩ් ඩිස්ක් එ‍කේ අස්සක තිබිල තමයි හොයාගත්තේ. ෆෝල්ඩරය ඇරලා එහෙම ගේම් එක run කරාම මෙන්න බඩු වැඩ.


     මේකෙ නම The Incredible Machine. කෙටියෙන් කියවනම් TIM. සමහර අය දන්නවත් ඇති. එත් දන්නෙ නැති අයට පොඩි විස්තරයක් දාන්නම්....


Tuesday, November 16, 2010

මොකක්ද මේ..Cyber-shot.. කියන්නෙ...෴

    

      අද මම ලියන්නෙ Cyber-shot ගැන. අහල, දැකල ඇතිනෙ Cyber-shot කියල වචනයක්. මේක SONY සමාගමේ  Brand name එකක්. යොදාගන්නෙ Sony කැමරාවල සහ Sony Ericsson ජංගම දුරකථනවල තමයි.
       
      මම දන්න විදියට ගොඩක් අය හිතන් ඉන්නෙ, වේගයෙන් චලනයවෙන දෙයක් පැහැදිලිව රූපයට නැගීම, කව්රුත් දන්න උදාහරණය නම් වේගයෙන් කැරකෙන ෆෑන් එකක පෙති නැවතී ඇති ලෙස පෙනෙන ලෙස රූපයට නැගීම තමයි Cyber-shot කියන්නෙ කියල. එත් Cyber-shot කියන්නෙ එකම විතරක් නෙවෙයි.


Thursday, November 11, 2010

සිංහලෙන් ටයිප් කරන්න ලේසි විදියක්...෴

       ඔන්න දෙවැනි ලිපිය ලියන්න යනනෙ. මුලින්ම මම මේ බ්ලොග් එක ලියනහැටි, ඒ කියන්නෙ සිංහල ටයිප් කරන හැටි ලියන්න හිතුව...
    
      එක එක විදියට ටයිප් කරල බැලුව ඒත් වැඩේ ටිකක් විතර අමාරුයි. ඔන්න ඔහොම ඉන්නකොට තමයි මට හම්බඋනේ Google Sinhalese Input මෟදුකාංගය. හම්බුනා කිව්වට වෙන කොම්පුටරේක තියෙනව දැකල මම ඩවුන්ලෝඩ් කරගත්ත.
                                                                                                                     
      http://www.google.com/ime/transliteration/ වෙබ් අඩවියට ගිහිල්ල, ඕන කරන භාෂාව තෝරගත්ත (අපිට නම් ඉතින් සිංහලනෙ). ඊට පස්සෙ‌ ඩවුන්ලෝඩ් කරගත්තා.


Thursday, November 4, 2010

ඔන්න මමත් පටන්ගත්ත බ්ලොග් ලියන්න..

ඔන්න මමත් පටන්ගත්ත බ්ලොග් ලියන්න.. හැමදාම බ්ලොග් බලනව විතරයි නේ.. ඉතින් මටත් හිතුන වැඩේ පටන්ගන්න.

කොහොම කොහොම හරි කෑලි අමුනල බ්ලොග් එකක් හදාගත්ත. හැබැයි සිංහල ටයිප් කරන එක තමයි ටිකක් අමාරු. ඒකත් පුරුදු උනාම වැඩේ ලේසියි.
එහෙනම් අද ඉඳල sus-blogadaviya.blogspot.com කියල එකකුත් තියෙයි.