Thursday, November 11, 2010

සිංහලෙන් ටයිප් කරන්න ලේසි විදියක්...෴

       ඔන්න දෙවැනි ලිපිය ලියන්න යනනෙ. මුලින්ම මම මේ බ්ලොග් එක ලියනහැටි, ඒ කියන්නෙ සිංහල ටයිප් කරන හැටි ලියන්න හිතුව...
    
      එක එක විදියට ටයිප් කරල බැලුව ඒත් වැඩේ ටිකක් විතර අමාරුයි. ඔන්න ඔහොම ඉන්නකොට තමයි මට හම්බඋනේ Google Sinhalese Input මෟදුකාංගය. හම්බුනා කිව්වට වෙන කොම්පුටරේක තියෙනව දැකල මම ඩවුන්ලෝඩ් කරගත්ත.
                                                                                                                     
      http://www.google.com/ime/transliteration/ වෙබ් අඩවියට ගිහිල්ල, ඕන කරන භාෂාව තෝරගත්ත (අපිට නම් ඉතින් සිංහලනෙ). ඊට පස්සෙ‌ ඩවුන්ලෝඩ් කරගත්තා.





    ඩවුන්ලෝඩ් උන googlesinhaleseinputsetup.exe ෆයිල් එක Install කරගත්තට පස්සෙ අවශ්‍ය විදියට Configure කරගන්න උනා. ඒකට මම උදව් ගත්තෙ,
             http://www.google.com/ime/transliteration/help.html#installation  මෙන්න මේ Help Page එකෙන්.

    දැන් ඉතින් Lanuage bar එකේ සිංහල Select කරගමන්, ඊට උඩින් මෙන්න මේවිදියට පොඩි ගැජට් එකක් එනව.

   ඊට පස්සෙ, මේකෙ තිබෙන "අ" සංකේතය මගින් අවශ්‍ය භාෂාව තෝරාගෙන(සිංහල හෝ ඉංග්‍රීසි), ඊට දකුණින් ඇති යතුරුපුවරුවක සංකේතය මත කලික් කලවිට පහලින් ඇති විදියට Character Map එකක් දිස්වෙනව.


  
                       දැන් ඉතින් ඕන අකුරු ඔබ ඔබ ලියන්න තමයි තයෙනනෙ...

  තව දෙයක් තියෙනව.. මේකෙ තිබෙන වැදගත්ම දේ......
















                                          ...දැක්කද.?

        වචනයක අකුරු දෙකක් තුනක් ලියනකොට, ඒ අකුරු වලට අදාල වචන ටිකක් මෙම මෟදුකාංගය මගින් ලබදීම තමයි හොඳම දේ...


      ඉතින් මේක පාවිච්චි කරන අයත් ඇති. කලින් මේක පාවිච්චි කරල නැත්නම් මේ විදියට කරල බලන්න.

     හැබැයි මේක ප‍්‍රයෝජනවත් වෙන්නෙ අපි වගේ සිංහල ටයිප් කරන්න අමාරු අයට තමයි හොඳේ.....

    එහෙනම්.... අදට ඉවරයි....෴ ජයවේවා..෴.!




                                              

3 comments:

  1. ane macho.....use karana web browser eka firefox nam qsfox addon eka daganna.......ethakota wade simple.....cromi nam qscrome estansion eka daganna......

    www.internetmonys.blogspot.com

    ReplyDelete
  2. @අඳුරෙන් එළියට
    බොහොම ස්තුතියි comment එකට...මම කියන්නෙ තවත් එක ලේසි විදියක් ගැන.අනික qsChrome වල වචන Auto complete වෙන්නෙ නෑ නේද...

    ReplyDelete
  3. ඔයාට ගොඩක් තැන්ක්ස් මේක කියල දුන්නට

    ReplyDelete