Friday, February 4, 2011

TeamViewer - ගෙදර ඉඳන් යාලුවන්ගේ පරිගණකයේ වැඩකරන්න..෴

 
    ගොඩ කාලෙකින් බ්ලොග් එක පැත්තෙ ඔලුව දැම්මෙත් නෑ. බ්ලොග් බැලුවෙත් නෑ. කොහෙද මේ වැඩත් එක්ක මොන බ්ලොග් ලිවිලිද.


   කොහොම කොහොම හරි මම මගේ බ්ලොග් එක පැත්තෙත් ගියා.මෙන්න බොලේ එකේ තිබුන කවුන්ටරේ වෙනස් වෙලා...පස්සෙනේ දන්නේ එක දෙන වෙබ්අඩවියෙ තියෙන කවුන්ටර් ඔක්කොම වෙනස් කරල...


   හරි දැන් ඉතින් අපේ මාතෘකාවට බහිමු..ඒකතමයි  "TeamViewer".. මේගැන දන්න අය ඇති. ඒත් දන්නෙ නැති අයට මම පොඩියට විස්තර කරන්නම්.



   TeamViewer මෘදුකාංගය යොදාගෙන පරිගණකයක් දුර සිට පාලනය කරන්න පුළුවන්.
පැහැදිලිව කියනවනම් ඔබගේ පරිගණකයට සහ වෙනත් තැනක ඇති ඔබගේ යාලුවෙකුගේ පරිගණකයට TeamViewer මෘදුකාංගය Install කරගත් පසු, ඔබට යාළුවගේ පරිගණකයේ 
වැඩ කරන්න පුළුවන්.(අන්තර්ජාල සම්බන්ධය අවශ්‍යයි)


  මටනම් මේක මාර ප්‍රයෝජනයි. මගෙන් කොම්පියුටර් සම්බන්දව උදවු ඉල්ලන අයට  TeamViewer දාල දුන්නම මට ගෙදර ඉඳන්ම help එක දෙන්න පුළුවන් නේ...


         
           TeamViewer අලුත්ම version එක මෙතනින් බාගන්න                                           



   මම මේ පරණ version දාල තියෙන්නෙ අලුත් version ටික දවසකින් register කරන්න කියන නිසා.හැබැයි අන්තිමට දාල තියෙන Twamviewer3 version එකනම් අව්ලක් නැතුව වැඩ..


  ආ.. මට අමතක උනා මේක inatall කරද්දි, එක තතැනක How do you want to use TeamViewer? කියල අහන තැන, personal/non-commercial use යන තේරීම කරන්න.


   මේකෙන් වැඩ කරන්නෙ මෙහෙමයි... මුලින්ම ඔබගේ සහ අනිත් පරිගණකයේ Teamviewer open කරන්න. (අනිත් පරිගණකය ඔබට ගොඩක් දුරනම් call එකක් දීල Teamviewer open කරන්න කියන්න)




  
     මෙහි Create session යටතේ ඇති ID යන තැනට, ඔබට දුර සිට පාලනය කලයුතු පරිගණකයේ Teamviewer ID එක(අනිත් පරිගණකයේ Wait for session යටතේ ඇති ID එක) ලබාදී Connect to partner button එක click කරන්න.
    ඉන්පසු අනිත් පරිගණකයේ Wait for session යටතේ ඇති password එක ලබාදී OK කරන්න...


   එහෙනම් කට්ටිය බලන්න Teamviewer වල වැඩ කොහොමද කියල....  


  

2 comments: